Cinema Concordia – Marsciano

ඉතාලි තිරයක අපේ පළමු සිංහල චිත්‍රපටය

ප්‍රථම වරට, උම්බ්‍රියා අපි ශ්‍රී ලාංකික එකමුතුව Todi – Marsciano Concordia සිනමාශාලාවේදී ‘වයිෆ්’ සිංහල සිනමාපටය උණුසුම් හා උද්යෝගිමත් රසික පිරිසක් ඉදිරියේ තිරගත කළේය.

සිනමාහලේ ඉරිදාවක්

Umbria අපි ශ්‍රී ලාංකික එකමුතුව විසින් ප්‍රථම වරට Todi – Marsciano Concordia සිනමාශාලාවේදී තිරගත කළ පළමු සිංහල සිනමාපටය ඉතා සාර්ථකව, සහෘද රසික සහභාගීත්වයකින් යුතුව ප්‍රදර්ශනය කිරීමට හැකි වූ බව ඉතා සතුටින් දැනුම් දෙමු. වෙහෙසකාරී දෛනික රැකියා කටයුතුවල යෙදී සති අන්ත විවේකී ඉරිදා දිනය ‘වයිෆ්’ සිනමාපටය නැරඹීමට Viterbo, Terni, Orvieto, Todi, Città della Pieve, Perugia හා Rome ආශ්‍රිත ප්‍රදේශවලින් පැමිණි ආදරණීය සහෘදයන් සැමටද අප ස්තූතිවන්ත වෙමු.

මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා Umbria අපි සියලු සාමාජිකයන්ගෙන් ලැබුණු සහයෝගය ඉතා අගය කොට සලකන අතර, ප්‍රවේශපත් මිලදී ගැනීමෙන් හා මූල්‍ය අනුග්‍රහය ලබා දීමෙන් අප කෙරෙහි විශ්වාසය තැබූ Perugia, Todi, Viterbo හා Rome ආශ්‍රිතව ව්‍යාපාර හා සේවාවන් පවත්වාගෙන යන ශ්‍රී ලාංකික හා ඉතාලි ව්‍යවසායකයින්ටද අප සැමගේ ගෞරවපූර්වක හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමු.

සිංහල චිත්‍රපටයක් එක්ව නැරඹීමට උම්බ්‍රියාව, ලාසියෝ සහ රෝමය පුරා මිතුරන් සහ පවුල් පැමිණියහ; ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට එය ඉතාලි සිනමාහලක පළමු අත්දැකීම විය.

‘වයිෆ්’ සිංහල චිත්‍රපටයේ පෝස්ටරය

“රැඳී ඉන්න, හමුවෙමු මෑත දිනයකදීම සුන්දර හැන්දෑවක තවත් නැවුම් අත්දැකීමක් විඳින්නට…”
උම්බ්‍රියා අපි ශ්‍රී ලාංකික එකමුතුව

සෑම ප්‍රවේශපතක්ම ශ්‍රී ලංකාවේ දරුවෙකුට උපකාරී වේ

උම්බ්‍රියාවේ පළමු සිංහල චිත්‍රපට දර්ශනයේ කණ්ඩායම් ඡායාරූපය

Umbria අපි ශ්‍රී ලාංකික එකමුතුවේ මෙම සියලු ව්‍යාපෘති තුළින් උපයා ගන්නා සියලු අරමුදල් ශ්‍රී ලංකාවේ අති දුෂ්කර පාසල්වල ඉගෙනුම ලබන දූ දරුවන්ගේ අධ්‍යාපන, ක්‍රීඩා හා අනෙකුත් මූලික අවශ්‍යතා සඳහා වැය කෙරේ.

එබැවින් ඔබ සියලු දෙනාම ඒ අනගි කාර්යයේ සාඩම්බර කොටස්කරුවන් වේ.

මුල් පණිවිඩය

සුබ දවසක්!
ආයුබෝවන් ඔබ සැමට,
Umbria අපි ශ්‍රි ලාංකික එකමුතුව විසින් ප්‍රථම වරට Todi – Marsciano Concordia සිනමාශාලාවෙ දි තිරගත කිරීමට යෙදුන පලමු සිංහල සිනමාපටය ඉතා සාර්ථකව සහෘද රසික සහභාගීත්වයකින් යුතුව ප්‍රදර්ශනය කිරිමට හැකි වු බව ඉතා සතුටින් දැනුම් දෙමු.
Umbria අපි සියළු සාමාජිකයන්ගෙන් මෙ කටයුත්ත සාර්ථක කර ගැනීම සදහා ලැබුනු සහයෝගය ඉතා අගය කොට සළකනු ලබන අතර ප්‍රවේශපත් අලෙවිකිරිමෙන් හා මූල්‍ය අනුග්‍රහයන් ලබා දි Umbria අපි ශ්‍රි ලාංකික එකමුතුව කෙරෙහි විශ්වාසය තැබූ Perugia,Todi ,Viterbo හා Rome නගර ආශ්‍රිතව ව්‍යාපාර හා සේවාවන් පවත්වාගෙන යන ශ්‍රි ලාංකික හා ඉතාලි ව්‍යවසායකයින්ටද අප සැමගෙ ගෞරව පූර්වක හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමු.
එමෙන්ම වෙහෙසකාරි දෛනික රැකියා කටයුතු වල යෙදි සති අන්ත විවේකි ඉරිදා දිනය ‘වයිෆ්’ සිනමාපටය නැරබීමට Viterbo, Terni, Orvieto,Todi, Città della Pieve ,Perugia හා Rome යන නගර ආශ්‍රිත ප්‍රදේශයන්ගෙන් පැමිණි ආදරණිය සහෘදයන් සැමටද අප ස්තූතිවන්ත වෙමු.
Umbria අපි ශ්‍රි ලාංකික එකමුතුවෙ මෙ සියළු ව්‍යපෘතියන් තුලින් උපයා ගන්නා සියළු අරමුදල් ශ්‍රි ලංකාවෙ අති දුෂ්කර පාසැල්වල ඉගෙනුම ලබන දුවාදරුවන්ගෙ අධ්‍යාපන,ක්‍රිඩා හා අනෙකුත් මූලික අවශ්‍යතාවයන් ලබා දීම සදහා වැය කරන බැවින් ඔබ සියළු දෙනා ද ඒ අනගි කාර්‍යයෙහි සාඩම්බර කොටස්කරුවන් වන බවද වැඩි දුරටත් සිහිපත් කිරීමට කැමැත්තෙමු.
රෑදී ඉන්න,
හමුවෙමු මෑත දිනයක දීම සුන්දර හැන්දෑවක තවත් නැවුම් අත්දැකිමක් විදින්නට…..

Scroll to Top