පළමු සංවත්සරය – Perugia

එක්ව ගත කළ වසරක්, ලේ දන් දෙමින් සැමරූ

උම්බ්‍රියා අපි ශ්‍රී ලාංකික එකමුතුවේ පළමු සංවත්සරය සනිටුහන් කරමින්, අපේ සාමාජිකයින් Avis Perugia සමඟ එක්ව Perugia රෝහලේදී ලේ දන් දුන්හ.

අපේ පළමු සංවත්සරය

උම්බ්‍රියා අපි ශ්‍රී ලාංකික එකමුතුවේ වර්ෂ පූර්ණය සැමරුම වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ ‘ලේ දන් දීමේ’ වැඩසටහන 2026 සැප්තැම්බර් මස 20 වන දින Azienda Ospedaliera di Perugia හිදී පැවැත්විණි.

Avis Perugia ආයතනය වෙතින් ලබා දුන් සීමිත අවස්ථා වෙන් කිරීම් යටතේ මෙම වැඩසටහන සිදු කිරීමට හැකි වූ බව සහෘද ඔබ සැමට මෙත් සිතින් දැනුම් දෙමු. Avis Perugia ආයතනයටත්, සහභාගී වූ සියලු සාමාජිකයින්ටත් අපේ හෘදයාංගම ස්තූතිය.

උම්බ්‍රියාවට සැමවිටම රුධිරය අවශ්‍ය වන අතර, සෑම පරිත්‍යාගයක්ම ජීවිතයක් බේරා ගැනීමට උපකාරී විය හැක. අපේ නිවහන බවට පත් වූ කලාපයට යමක් ආපසු ලබා දීමට අපේ ප්‍රජාවට හැකි වීම ගැන අපි ආඩම්බර වෙමු.

Avis පෝස්ටරය: දායකයෙකු වන්න, ජීවිතයක් බේරා ගැනීම පහසුයි

“…è semplice salvare una vita!”
ජීවිතයක් බේරා ගැනීම පහසුයි.
Avis

ඊළඟට: Orvieto හි ලේ දන් දීමේ වැඩසටහනක්

Perugia හි ලේ දන් දීමේ දිනයේ උම්බ්‍රියා අපි සාමාජිකයින්

එමෙන්ම නුදුරේදීම Avis ආයතනය විසින් ලබා දීමට නියමිත දිනයන්හිදී තවත් ‘ලේ දන් දීමේ වැඩසටහනක්’ Orvieto, Ospedale Santa Maria della Stella හිදී ද පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ඔබ සැම වෙත දැනුම් දීමට කැමැත්තෙමු.

දිනයන් ප්‍රකාශයට පත් කළ විගස දැනගැනීමට Facebook හි අපව අනුගමනය කරන්න.

Scroll to Top