From fun-filled gatherings to insightful programs, our events are designed to entertain and educate.
Most Recent Event
සුබ දවසක්!
ආයුබෝවන් ඔබ සැමට,
Umbria අපි ශ්‍රි ලාංකික එකමුතුව විසින් ප්‍රථම වරට Todi – Marsciano Concordia සිනමාශාලාවෙ දි තිරගත කිරීමට යෙදුන පලමු සිංහල සිනමාපටය ඉතා සාර්ථකව සහෘද රසික සහභාගීත්වයකින් යුතුව ප්‍රදර්ශනය කිරිමට හැකි වු බව ඉතා සතුටින් දැනුම් දෙමු.
Umbria අපි සියළු සාමාජිකයන්ගෙන් මෙ කටයුත්ත සාර්ථක කර ගැනීම සදහා ලැබුනු සහයෝගය ඉතා අගය කොට සළකනු ලබන අතර ප්‍රවේශපත් අලෙවිකිරිමෙන් හා මූල්‍ය අනුග්රහයන් ලබා දි Umbria අපි ශ්‍රි ලාංකික එකමුතුව කෙරෙහි විශ්වාසය තැබූ Perugia,Todi ,Viterbo හා Rome නගර ආශ්‍රිතව ව්‍යාපාර හා සේවාවන් පවත්වාගෙන යන ශ්‍රි ලාංකික හා ඉතාලි ව්‍යවසායකයින්ටද අප සැමගෙ ගෞරව පූර්වක හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමු.
එමෙන්ම වෙහෙසකාරි දෛනික රැකියා කටයුතු වල යෙදි සති අන්ත විවේකි ඉරිදා දිනය ‘වයිෆ්’ සිනමාපටය නැරබීමට Viterbo, Terni, Orvieto,Todi, Città della Pieve ,Perugia හා Rome යන නගර ආශ්රිත ප්‍රදේශයන්ගෙන් පැමිණි ආදරණිය සහෘදයන් සැමටද අප ස්තූතිවන්ත වෙමු.
Umbria අපි ශ්‍රි ලාංකික එකමුතුවෙ මෙ සියළු ව්යපෘතියන් තුලින් උපයා ගන්නා සියළු අරමුදල් ශ්‍රි ලංකාවෙ අති දුෂ්කර පාසැල්වල ඉගෙනුම ලබන දුවාදරුවන්ගෙ අධ්‍යාපන,ක්‍රිඩා හා අනෙකුත් මූලික අවශ්‍යතාවයන් ලබා දීම සදහා වැය කරන බැවින් ඔබ සියළු දෙනා ද ඒ අනගි කාර්යයෙහි සාඩම්බර කොටස්කරුවන් වන බවද වැඩි දුරටත් සිහිපත් කිරීමට කැමැත්තෙමු.
රෑදී ඉන්න,
හමුවෙමු මෑත දිනයක දීම සුන්දර හැන්දෑවක තවත් නැවුම් අත්දැකිමක් විදින්නට…..
Upcoming Event
From interactive programs to inspiring sessions, our upcoming events are crafted to keep you engaged and informed.
Pending
New Events haven’t been published yet
Past Events
Take a look back at our past events that brought people together for unforgettable experiences filled with both entertainment and knowledge
The First Movie Premiere
4th of July 2026
Komana Vidyalaya
16th of June 2026
Katina Programme
24th of May 2025
Embracing the Sri Lankan Culture with other cultures
15th of July 2025
Inspiring Session With Capt Elmo Jayawardana
15th of July 2025
Unforgettable Krishantha Erandaka
24th of May 2025